නවසීලන්තෙත් කඨින පෙරහරක්


නවසීලන්තයේ හැමිල්ටන් නුවර මහා කරුණා භාවනා මධ්‍යස්ථානයේ වාර්ෂික කඨින පිංකම භාවනා මධ්‍යස්ථානාධිපති දුනුවිල මෛත්‍රී  හිමියන්ගේ ප්‍රධානත්වයෙන්  පසු ගිය දා පැවැත්විණි.

නවසීලන්තයේ ප්‍රධාන සංඝනායක හා ඕක්ලන්ඩි නුවර ශ්‍රි ලංකාරාමාධිපති වල්ගම මුනින්ද්‍රවංශ , වෙලිංටන් නුවර ධම්ම ගවේෂි භාවනා මධ්‍යස්ථානාධිපති වැලිමඩ ජිනාලංකාර, ක්‍රයිස්ට් චර්ච් සමාධි බෞද්ධ විහාරාධිපති මකුල්දෙණියේ සෝමරත්න, මහා කරුණා භාවනා මධ්‍යස්ථානයේ  දිඹුලාගාවතැන්නේ බෝධිරතන සහ නවසීලන්ත ජාතික ටෙක්සින්  චෝසෙන් යන ස්වාමීන් වහන්සේලා සමග ලාඕස්, කාම්බෝජ, තායිලන්ත ජාතික භික්ෂූන් වහන්සේලා  දොළොස් නමක් මෙම කඨින පිංකමට වැඩම  කළහ.

කඨින චීවරය පුජා කිරීම ඇතුළු පිංකමේ ප්‍රධාන දායකත්වය නවසිලන්තයේ  අජිත් සේනානයක , කුමුදු සේනානායක, ගාම්ණි සිල්වා , ශාමලී ද සිල්වා  යන පවුල්වල සාමාජිකයන්ගෙනි.

පිංකම හැමිල්ටන් නුවර උසස් පිරිම් විදුහල් ශාලාවේ පැවති අතර දේශිය සැරසිලි  වලින් අලංකාර ලෙස ශාලාව සරසා  තිබ්ණි.