නවසීලන්ත රග්බි නායකයා ඌව පිලේ නායකත්වයට


ලොව සුපිරි සත් සාමාජික රග්බි ක‍්‍රීඩකයන් 40 ක සහභාගිත්වයෙන් පැවැත්වෙන ‘කාල්ටන් සුපර් සෙවන්ස් ශ්‍රී ලංකා 2012’ සත් සාමාජික රග්බි තරගාවලියට සහභාගි වන නවසීලන්ත සත් සාමාජික රග්බි පිලේ නායක ඞී. ජේ. ෆෝබ්ස්, ඌව වයිපර්ස් පිලේ නායකයා ලෙස කටයුතු කරයි. මෙවර තරගාවලියට ප‍්‍රබල නවසීලන්ත ක‍්‍රීඩකයන් 20 ක්, ෆීජි ක‍්‍රීඩකයන් 8 ක්, එංගලන්ත ක‍්‍රීඩකයන් 5 ක්, දකුණු අප‍්‍රිකානු ක‍්‍රීඩකයන් 3 ක්, ඇමෙරිකානු සහ සැමෝවා ක‍්‍රීඩකයන් දෙක බැගින් ශ්‍රී ලංකාවට පැමිණ සිටිති. නවසීලන්ත නායක ඞී. ජේ. ෆෝබ්ස් (වමේ සිට දෙවැනියා) ඇතුළු තරගාවලියට සහභාගි වන විදේශිය ක‍්‍රීඩකයන් කීපදෙනකු මාධ්‍ය හමුවෙන් පසුව. (ඡයාරූපය: ජයමාල් චන්ද්‍රසිරි) පසුගිය වසරේ කණ්ඩායමේ මෙවර ද රදවා ගත් ක‍්‍රීඩකයන්ට අමතර 10% ගෙවීමක් ඇතුළත් වන අතර ඒ අනුව සඳුන් හේරත් සහ අනුරුද්ධ විල්ලර වැඩිම ගෙවීම ලබන දේශිය ක‍්‍රීඩකයන් වන බවත් වාර්තා වේ.