නවසීලන්ත පිලට එරෙහිව එක්දින තරග 5 යි - ටෙස්ට් 2 යි


විස්සයි - 20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන පළමු අන්තර්ජාතික තරගාවලිය ඔක්තෝබර් මස 30 වැනිදා නවසීලන්තයට එරෙහිව විස්සයි - 20 තරගයෙන් ආරම්භ වේ. මෙම තරගාවලියට විස්සයි - 20 තරගයක්, එක්දින තරග පහක් සහ ටෙස්ට් තරග දෙකක් ඇතුළත් වේ. එක්දින තරගාවලිය නොවැම්බර් මස 1 වැනිදා සිට 12 වැනිදා දක්වා පැවැත්වෙන අතර ටෙස්ට් තරගාවලිය නොවැම්බර් මස 17 වැනිදා ගාල්ලේදී ආරම්භ වේ.