නවසීලන්ත කී‍්‍රඩකයෝ තරගාවලිය සමකරති


උසස් මට්ටමේ වේග පන්දු යැවීමක් හමුවේ ශී‍්‍ර ලංකා පිතිකරුවන් දක්වන දුර්වලතාව මේ යයි කදිමට නිරාවරණය කළ නවසීලන්ත කී‍්‍රඩකයෝ කොළඹ පී. සරා  ඕවල් පිටියේදී පැවැති දෙවැනි සහ අවසන් ටෙස්ට් කි‍්‍රකට් තරගයේදී ලකුණු 167 ක විශිෂ්ට ජයක් ලබාගත්හ. මෙම ජයත් සමගින් පිට පිටම තරග 5 කදී තමන් මුහුණ දුන් පරාජයන් වැල නිමා කළ නවසීලන්ත කී‍්‍රඩකයෝ, ශී‍්‍ර ලංකාව සමග පැවැති තරගාවලියද 1-1 ක් ලෙසින් සමකළහ. නවසීලන්ත පිල මෙම තරගය ජයගැනීම නිසා අන්තර්ජාතික ටෙස්ට් කි‍්‍රකට් ශ්‍රේණිගත ලයිස්තුවේ ප‍්‍රසාද ලකුණු 100 කඩයිම පසුකර යාමට ශී‍්‍ර ලංකා පිලට තිබූ මාහැගි අවස්ථාවක් ගිළිහී ගියේය. ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 84 ක් ලබාගත් නමුත් ශී‍්‍ර ලංකා පිල පරායෙන් ගලවාගැනීම නොහැකි විය. ඒ වෙනුවෙන් පැය 5 කට ආසන්න කාලයක් පිටියේ රැඳුනු මැතිව්ස් පන්දු 228 කට මුහුණ දෙමින්, හතරේ පහර 11 කින් සහ දැවැන්ත හයේ පහරකින් සිය ඉනිම අලංකාර කළේය. මෙම ජයග‍්‍රහණය නවසීලන්ත කණ්ඩායමක් වසර 14 කට පසුව ශී‍්‍ර ලංකාවේදී ලබාගත් ටෙස්ට් ජයග‍්‍රහණයකි. නවසීලන්ත පිල අවසන් වරට ශී‍්‍ර ලංකාවේදී ටෙස්ට් තරගයක් ජයගත්තේ වසර 1998 දී අර්ජුන රණතුංගගේ නායකත්වයෙන් යුත් ශී‍්‍ර ලංකා කණ්ඩායම ලකුණු 167 කින් පරාජය කරමිනි. ලකුණු 363 ක ජයග‍්‍රාහී ඉලක්කයක් කරා යා යුතු වුවත් ඉනිමේ පළමු පන්දුවේදීම ආරම්භක පිතිකරු තරංග පරණවිතාන දැවී යාමෙන් අසරණ වූ ශී‍්‍ර ලංකා පිල කිසිදු අවස්ථාවකදී ජයග‍්‍රහණය කරා යන බවක් දක්නට නොලැබිණ. නවසීලන්ත වේග පන්දු යවන්නන් හමුවේ වඩ වඩාත් අසරණ වූ ශී‍්‍ර ලංකා පිලේ ඉදිරි පෙළ පිතිකරුවො සිවු දෙනාම පෙරේදා සවස ලකුණු 46 ක් තුළදී දැවී ගියහ. දැඩි පීඩනයක් මැද, ඊයේ උදෑසන ඇන්ජලෝ මැතිව්ස් සහ තිලාන් සමරවීර දෙදෙනා කී‍්‍රඩාව ආරම්භ කළේ වඩාත් ආරක්‍ෂා කාරී ඉසව්වකට ශී‍්‍ර ලංකා පිල කැඳවාගෙන යාමේ අදිටන ඇතිවය. එහෙත් එම උත්සාහය රඳා පැවතුනේ විනාඩි 45 කට පමණි. ශී‍්‍ර ලංකා පිලේ සිටින විශේෂඥ ටෙස්ට් පිතිකරුවා වන තිලාන් සමරවීර, එක්ස්ට‍්‍රා කවර්ස් කලාපයට පන්දුව තල්ලූ කරමින් ලකුණක් කරා දිව ගියද එහි ලකුණක් නොමැතිබව දුටු මැතිව්ස් ප‍්‍රතිචාර නොදැක්වීම නිසා සමරවීර කඩුලූ දෙක මැද අතරමංවිය. ජීටන් පතෙල්ගේ සුරතින් මිදුණු පන්දුව ඇසි පිය ගසන පමාවෙන් කඩුල්ල සොයා එද්දී දකුණු අපි‍්‍රකානු සම්භවයක් ඇති කඩුලූ රකින්නා වූ කෲගර් වැන් වික් සූදානමින් සිටියේය. තමාගේ ඉනිම අවසාන බව දුටු සමරවීර, සීමා ඉර වෙත යාමටවත් උත්සුක නොවී ආපසු කී‍්‍රඩාගාරයට පියමැන්නේ නවසීලන්ත කී‍්‍රඩකයන් පී‍්‍රතියෙන් උද්දාමයට පත්කරමිනි. තරගයෙන් අනතුරුව අදහස් දැක්වූ නවසීලන්ත නායක රොස් ටේලර් පැවසුවේ සමරවීරගේ දැවී යාමත්, කුමාර් සංගක්කාර පළමු ඉනිමේ දැවී ගිය ආකාරයත් තම ජයග‍්‍රහණයට පදනම දැමූ බවයි. ඊයේ හෝරා දෙකකටත් වැඩි කාලයක් තිස්සේ 6 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 56 ක් එක්කරමින් නවසීලන්ත පිලේ ජයග‍්‍රහණය පමා කළ නමුත් සිය මංගල ටෙස්ට් කඩුල්ල දවාගත් ටොඞ් ඇස්ට්ල් විසින් ශී‍්‍ර ලංකා කඩුලූ රකින්නා පිටියෙන් ඉවත් කරන ලදි. ප‍්‍රසන්න දැවී යාමෙන් පසුව නුවන් කුලසේකර  සහ මැතිව්ස් දෙදෙනා එක්ව 8 වැනි කඩුල්ල වෙනුවෙන් තවත් ලකුණු 46 ක් එක්කරමින් නවසීලන්ත කී‍්‍රඩකයන් අසහනයට පත්කළද දෙවැනි නව පන්දුව ලබාගැනීමෙන් පසුව තත්ත්වය සහමුලින්ම වෙනස් විය. තේ පානයෙන් අනතුරුව, දෙවැනි නව පන්දුවෙන් යැවුණු පන්දු 26 ක් තුළදී ශී‍්‍ර ලංකා පිලේ අවසන් පිතිකරුවන් තිදෙනාම දවාගත් නවසීලන්ත වේග පන්දු යවන්නෝ දශක එක හමාරකට පසුව ආඩම්බර විය හැකි ජයග‍්‍රහණයක් ලබාගත්හ. ඡායාරූප - ශාන්ත රත්නායක