නව රේගු අධ්‍යක්ෂ චූලානන්ද පෙරේරා


රේගු අධ්‍යක්ෂ ජනරාල් ධූරය සඳහා ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධරයකු ලෙස කටයුතු කළ චූලානන්ද පෙරේරා මහතා පත් කර ඇතැයි රේගු ආරංචි කියයි.

ඒ මහතා මීට පෙර ආගමන විගමන පාලක ජනරාල් ලෙසද කටයුතු කර ඇත.

අමාත්‍යංශ කිහිපයකම අතිරේක ලේකම්වරයකු ලෙසද චූලානන්ද පෙරේරා මහතා කටයුතු කර තිබේ.