නව මහා නා හිමි සඳුදා ?
රාමඤ්ඤ මහා නිකායේ නව මාහා නායක හිමියන් තෝරා ගැනීම සඳහා එහි කාරක සංඝ සභාව සඳුදා (03) රැස්වීමට නියමිතය. මෙම සංඝ සභාවට නාහිමිවරුන් 120 නමක් අයත් වෙති. මීරිගම ප්‍රාදේශීය ලේකම් ශ්‍රවනාගාරයේදී රැස්වීම පැවැත්වීමට නියමිතය. නව මහ නාහිමි පත් කැරනුයේ එම සංඝ සභාවේ අනුමැතියෙනි.

