නව මහවැලි කලාප දෙකක්


(විනීතා එම් ගමගේ)

නව මහවැලි කලාප දෙකක් ප්‍රකාශයට පත්කිරීමට වාරිමාර්ග අමාත්‍යංශය පියවර ගෙන ඇත.

මේ සඳහා වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා ඉදිරිපත් කල අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවකට අනුමැතිය හිමිවී ඇතැයි වාරිමාර්ග අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

නව මහවැලි කලාප දෙක කුරුණෑගල, පුත්තලම, අනුරාධපුර හා මාතලේ දිස්ත්‍රික්ක වල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ 26 ක් ආවරණය වන පරිදි ප්‍රකාශයට පත්කරන්නේ මහා පරිමාණ වාරි ව්‍යාපෘති කිහිපයකට අදාලව බව ද හෙතෙම සඳහන් කළේය.

ඒ අනුව දැදුරු ඔය බහුකාර්ය යෝජනා ක්‍රමය සහිත මියටියාවත එන් කලාපය ලෙස මහවැලියේ එකොළොස්වන කලාපය බවට පත්වන අතර, වයඹ පළාත් මහ ඇල බල ප්‍රදේශය එම් කලාපය ලෙසින් දොළොස්වන මහවැලි කළාපය බවට පත්වන බව ද ඔහු කියා සිටියේය.

මෙම මහවැලි කලාප දෙකට ගම්මාන 410 ක් අයත් වනු ඇත.

ඒ සමගම මෙරට මුළු භූමි ප්‍රමාණයෙන් සියයට පණහක් මහවැලි අධිකාරියේ සංවර්ධන සැළැස්මට අයත් වනු ඇත.