නව පාසල් වාරය ජනවාරි 2 ඇරැඹෙයි


(දසුන් රාජපක්ෂ) 
 

රජයේ සියලු පාසල්වල නව පාසල් වාරය ජනවාරි 2වැනි දින ආරම්භ කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කරයි.

එමෙන්ම රාජ්‍ය අනුමැතිය ලත් පෞද්ගලික පාසල් වාරයද එදින ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

වැස්සත් සමඟ දිවයිනේ බොහෝ ප්‍රදේශවල ඩෙංගු රෝගය ව්‍යාප්තවීමේ අවදානමක් පවතින බැවින් 2020 පළමු පාසල් වාරය ආරම්භවීමට පෙර දෙමාපියන් සම්බන්ධ කරගෙන පාසල් පරිශ්‍රයන් පිරිසිදු කර ඩෙංගු මදුරුවන්ගෙන් තොර පිරිසිදු පරිසරයක් පවත්වා ගැනීමට කටයුතු කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය සියලු පාසල් බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරයි.