නව දඩ ක්‍රමය අහෝසි නොකළහොත් යළිත් බස් වර්ජනයක්


(මහින්ද නිශ්ශංක)

 

වැඩි කරන ලද රථ වාහන දඩ දින 14ක් තුළදී පැරණි දඩ ක්‍රමයට පත් නොකළහොත් දීප ව්‍යාප්ත පෞද්ගලික බස් රථ වර්ජනයකට එළඹීමට සමස්ත ලංකා බස් රථ සමාගම් සම්මේලනය අද (29) තීරණය කළ බව එම සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා පැවැසීය.

වැඩවර්ජන දිනය ඉදිරියේ ප්‍රකාශ කරන බව ද ඒ මහතා කීය.

රථ වාහන දඩ වැඩි කිරීම ඉතා අසාධාරණ බවත් එම නිසා එම වැඩි කරන ලද දඩ පැරණි දඩ ක්‍රමය දක්වා අඩු කළ යුතු බවත් ලේකම්වරයා කීවේය.