නව තානාපති දෙදෙනකුගේ හා සංස්ථා ප්‍රධානියකුගේ සුදුසුකම් පරික්ෂාවකට


(සුජිත් හේවාජූලිගේ)

 

අලුතින් පත් කෙරුණු තවත් තානාපතිවරුන් දෙදෙනෙකුගේ හා සංස්ථා ප්‍රධානියකුගේ සුදුසුකම් පරීක්ෂා කර බැලීමට පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත.

මෙසේ සුදුසුකම් පරීක්ෂා කර බැලෙන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති වශයෙන් නම් කරන ලද ඊ. රොඩ්නි එම්. පෙරේරා මහතාගේ, බෙල්ජියම බ්‍රයල්ස් නුවර හා යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා තානාපතිවරයා වශයෙන් නම්කරන ලද ග්‍රේස් ආසිර්වාදම් මහත්මියගේ හා සීමාසහිත මහවැලි සත්තව ව්‍යාපාරික සංගමේ සභාපති වශයෙන් පත් කරන ලද ජේ. ඒ. බුද්ධික විජිත සෙනෙවිරත්න මහතාගේ ය.

රොඩ්නි පෙරේරා මහතාගේ පත්වීම සම්බන්ධයෙන් යම් විරෝධයක් ඇත්නම් ලබන 7 වැනි දාට පෙරත් ග්‍රේස් ආසිර්වාදම් මහත්මිය හා විජිත සෙනෙවිරත්න මහතා සම්බන්ධයෙන් යම් විරෝධයක් ඇත්නම් ලබන 12 වැනි දාට හෝ ඊට පෙරත් ඒවා යොමු කරන්නැයි පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාව මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.