නව කඩඉම් ලකුණු නිකුත් වෙයි
2011 අපොස උසස්පෙළ විභාගයේ Z ස්කෝර් නිවැරදි කඩඉම් ලකුණු මාස හතකට පසු අද අන්තාර්ජාලයට මුදා හැරියේය.
මෙම ලකුණු සම්බන්ධයෙන් ලංකා ගුරු සංගමය හා සිසු පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණයට යෑමෙන් පසුව අලුතින් එම ලකුණු ගණනය කර ප්‍රමාධයකින් තොරව ප්‍රතිඵල නිකුත් කරන ලෙස ඉකුත් ජූනි 25 දින ත්‍රිපුද්ගල විනිසුරු මණ්ඩලයක් විසින් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට නිර්දේශ කළේය.
එම නියෝගය නොපිළිපැද උසාවියට අපහාස කළැයි විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති මහාචාර්ය ගාමිණී සමරනායක කරුණු දැක්වීමට සදහා උසාවියට කැඳවා තිබේ.
උසාවිය නියෝගය නිකුත් කළේ පැරණි සහ නව නිර්දේශ වෙන වෙනම ගණනය කරන ලෙසයි.
ඇතැම් සිසුන්ගේ එම නිර්දේශ දෙක එකට ගෙන ගණනය කළ නව කඩඉම් ලකුණු සහ පැරණි කඩයිම් ලකුණු අතර වෙනසක් වී ඇත.
කලින් දිස්ත්‍රික් මට්ටම 150 තුබූ ශිෂ්‍යා දැන් 50 වැනි තැනටත්, කලින් 25 තිබූ ශිෂ්‍යයා දැන් 94 වැනි තැනටත් පැමිණ ඇත.
මුලින් ගණනයේදී විශ්ව විද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් තිබූ සිසුන්ට දැන් එය අහිමී ඇත්නම් එසේ වී තිබෙන්නේ සිසුන්ගේ වරදින් නොවන නිසා එම සිසුන්ටද සාධාරණයක් ඉටු කරන ලෙස ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමෙන් ඉල්ලා සිටී.

