(මනෝප‍්‍රිය ගුණසේකර)
මීරීගම ආයෝජන ප‍්‍රවර්ධන කලාපයේ කර්මාන්ත ශාලාවක ඇති පරණ යකඩ තොගයක් ලබාදෙන බව පවසා නීතීය හා සාමය නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර මහතා රවටා රුපියල් මිලියන 21ක මුදලක් වංචා කරන ලදැයි චෝදනා ලැබ සිටින විත්තිකරුවන්ට ලබන වසරේ ජනවාරී මස 11 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස දැනුම් දෙමින් කොළඹ ප‍්‍රධාන මහාධිකරණ විනිසුරු ඒ.ඒ.ආර්. හෙයියන්තුඩුව මහතා අද (04) සිතාසි නිකුත් කළේය.
එලෙස සිතාසි නිකුත් කරන ලද්දේ සමාගමක අලෙවි නියෝජිතයින් ලෙස කටයුතු කළ බව කියන චන්න ලක්‍ෂ්මන් බණ්ඩාර එස්. ජයකුමාර් සහ චමිල උපෙන්ද්‍ර නමැත්තන්ටය.
2001 පෙබරවාරී මස 03 වැනිදා හෝ ඊට ආසන්න දිනයක මීරීගම ආයෝජන ප‍්‍රවර්ධන කලාපයේ කර්මාන්ත ශාලාවක ඇති පරණ යකඩ තොගයක් ලබාදෙන බව පවසා නලීන් බණ්ඩාර මහතා රවටා රුපියල් මිලියන 21ක මුදලක් වංචා කිරීම ඇතුළු චෝදනා හතරක් යටතේ නීතීපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව චෝදනා නඟා ඇත.
මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී ඉදිරිපත් වු කරුණු සළකා බැලීමෙන් අනතුරුව අදාළ නියෝග නිකුත් කළ විනිසුරුවරයා මෙම නඩුව ලබන වසරේ ජනවාරී මස 11 වැනිදා යළි කැඳවීමට නියම කළේය.

