නයිජීරියානුවාට අත්හිටවු සිර දඬුවම්


ශ්‍රී ලාංකිකයන් දෙදෙනකු එතෙර ලොතරැුයි දිනා ඇතැයි කියමින් ඔවුන්ගේ රුපියල් 7,20,400 වංචා කලැයි කියන ක්ලින්ච් ක‍්‍රිස්ටියන් නම් නයිජීරියා ජාතිකයාට බරපතල වැඩ සහිත වසරක සිර දඬුවමක් නියම කළ කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා සිර දඬුවම පස් වසරකට අත් හිටවීය. ඔහුට රුපියල් 15000ක දඩයක්ද නියමවීය.  ඊ.එස්.පී.එන් මෙගා ක‍්‍රිකට් ලොතරැයියෙන් පවුම් හත්ලක්ෂ පනස්දාහක් දිනා ඇතැයි කියමින් හෝමාගම ව්‍යාපාරිකයකුට හා තරුණයකුට එස්.එම්.එස් කෙටි පණිවිඩ යවා පවුම් 1000 බැගින් වංචා කළැයි ඔහුට එරෙහිව නඩු පවරා තිබිණි. තවත් නඩුවකට ඔහු වරද පිළිගන්නා බවට ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ශිරාෂ් නූර්දීන් මහතා අධිකරණයට කරුණු දැක්වීය.