නයිජීරියානුවා ව්‍යාපාරිකගේ කනෙන් රිංගයි


ලන්ඩනයේ ලොතරැයියකින් පවුම් ලක්ෂ හතරහමාරක් (රුපියල් කෝටි 153) ඇදී ඇතැයි වැල්ලවත්තේ ව්‍යාපාරික ශ්‍රී රාමචන්ද්‍ර ශ්‍රී කරන්ගෙන් කුරියර් ගාස්තු වශයෙන් ඇමෙරිකා ඩොලර් 1000ක් (රුපියල් 135000) වංචා කළැයි කියන නයිජීරියා ජාතික ක්ලින්ච් ක‍්‍රිස්ටියන් ලබන 18 වැනිදා තෙක් රිමාන්ඞ් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් කනිෂ්ක විජේරත්න මහතා නියෝග කළේය. ලොතරැයි දිනුම ඇදුණු බවට ඊමේල් ලිපියකින් දන්වා ව්‍යාපාරිකයාගේ තොරතුරු ගෙන තෑගි මුදල එවීමේ කුරියර් ගාස්තු ලෙස ඩොලර් 1000ක් කොළඹ තරු පහේ හෝටලයකදී ඔහුගෙන් ලබාගත් බව කියන මෙම නයිජිරියානුවා මෙවැනි දේ කරන්නෙකියි රහස් පොලිසිය සැකකරයි.