කොළඹ කොල්ලුපිටියේ ක්ලියෝපැට්‍රා සමාජ ශාලාවේ නිරෝෂා විමලරත්න හෙවත් ඩිලානි නයි නළඟන උසාවි නොපැමිණීම නිසා කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද වරෙන්තු නිකුත් කළේය.
නාගයකු ළඟ තබාගැනීම සම්බන්ධයෙන් පොලිසිය ඇයට එරෙහිව මේ නඩුව පවරා තිබිණි.
අද උදේ ඇය උසාවි පැමිණ සිටියත් තීන්දුව දීමට නඩුව කැඳවූ අවස්ථාවේ ඇය උසාවියේ නොසිටියාය.
ඇගේ නීතීඥවරයා කියා සිටියේ ඇය උදේ පැමිණ සිටි නමුත් අසනීප නිසා ගිය බවයි.
ඇයට වරෙන්තු නිකුත් කළ මහේස්ත්‍රාත් නඩු තීන්දුව ප්‍රකාශයට පත් කිරීම ඔක්තෝබර 10 වැනිදාට කල් තැබීය.