නයි නළඟනට ඇප
කොළඹ කොල්ලූපිටියේ ක්ලියෝ පැට්රා රාත‍්‍රී සමාජ ශාලාවේ නළඟනක වන දන්තුරේ නිරෝෂා විමලරත්න (ඩිලානි) රුපියල් පනස්දාහක ශරීර ඇප මත මුදාහරින ලෙස කොටුව මහේස්ත‍්‍රා කණිෂ්ක විජේරත්න මහතා නියෝග කෙළේය.
ඇය නයකු ළඟ තබාගෙන සිටි බව කියමින් පොලිසිය ඇය අධිකරණයට ඉදිරිපත් කළේය.
වනසත්ව හා තුරුලතා ආඥා පනත අනුව නයකු ළඟ තබා ගැනීම වරදක් නොවන බවත් එය වරදක් නම් සියලූ අහිකුණ්ඨිකයන් අත්අඩංගුවට ගත යුතු බවත් ඇගේ නීතිඥවරු කීහ. මේ ගැන සොයාබලා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස මහේස්ත‍්‍රාත් පොලිසියට නියෝග කෙළේය.
මේ පැමිණිල්ල දිගටම පවත්වාගෙන ගියහොත් පොලිසියට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට මානව හිමිකම් නඩුවක් ගොනුකරන බවද නීතිඥවරු කීහ.

