නයි නළඟනගේ බබා පමාවේ


කොල්ලුපිටිය ක්ලියෝ පැට්‍රා සමාජ ශාලාවේ නළඟනක වූ දන්තුරේ නිරෝෂා විමලරත්න (ඩිලානි) සාමාන්‍ය දරු ප්‍රසුතියක් සදහා අනුරාධපුර  රෝහලට   ඇතුළු  වී සිටින බව වෛද්‍යවරු කියති.

දරුවා බ්‍රහස්පතින්දා (05) බිහිකිරීමට නියමිතව තිබුණත් අද (06) සවස් වන තුරුත් ප්‍රසුතිය සිදු නොවීය.

 නයි නළගන ලෙස ප්‍රසිද්ධියට පත් ඇය එප්පාවල කට්ටියාව සේනපුර රෝහලේ සිට අනුරාධපුර රෝහලට  එවු බව   අධ්‍යක්ෂ දොස්තර  විජේදාස  අතපත්තු මහතා කියයි.

ඇය රෝහලේ  සිටින බව දැනගත්  පිරිස් ඇය බැලීම සදහා රෝහලට පැමිණිමෙන් රෝහලේ කටයුතුවලට බාධාවක් වුවා සේම ඔවුන්  වැළැක්වීම සහා රෝහල් කාර්ය මණ්ඩලයට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදු වු බවද  රෝහල් සේවකයෙක් පවසයි.

අද (06) උදෑසන ඇයගේ ආරක්ෂාව සදහා පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකු  යොදවා සිටි බවද වාර්තා වුවද පැයක් යන්නට මත්තෙන්  එම කොස්තාපල්වරු  ඉවත් කරනු ලැබූහ.

ඇයගේ සැමියා, ඥාතීන් හැර වෙනත් අයට ඇය  බැලීමට   ඉඩ  දීමේ හැකියාවක්  නොමැති බව ද රෝහල් අධ්‍යක්ෂ කියයි.