නයි නළඟන රිමාන්ඩ්
විස දළ ගැලැවූ නයකු සමග කොල්ලුපිටිය ක්ලියෝපැට්රා සමාජ ශාලාවේ සිටිය දී සැකපිට අත්අඩංගුවට ගත් දන්තුරේ නිරෝෂා විමලරත්න හෙවත් ඩිලානි (25) නළඟන බ්‍රහස්පතින්දා (30) වනතුරු රිමාන්ඩ් කරන ලෙස කොළඹ මහා රෝහලට ගිය කොටුව මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා නියෝග කෙළේය. මත් ගතියෙන් කෙළඹ රෝහලට ඇතුළු කළ ඇයට අදත් සිහිය නොතිබූ බවත් ඇය ළඟ සිටි නාගයා දෙහිවල සතුන්වත්තට බාරදුන් බවත් උසාවියේ දී කියවිණි. ඇය මෙම නාඟයා ළඟ තබා ගනිමින් කාමරයේ සිටි සෙසු අය බියට පත් කළැයි ද පොලිසිය අධිකරණයට දැන්විය. නායාගේ විස දළ ගලවා ඇතත් විස එකතු කැර එන්නත් මගින් ශරීරගත කැරගත හැකි බවත් මත්ද්‍රව්‍ය ගෙන සිටි නිසා නාග විස ඇගේ සිරුරේ ඇත්දැයි දැන ගත නොහැකි බවත් පොලිසිය අධිකරණයට දැක්වීය.

