නයි නළඟන චෝදනා ප්‍රතික්ෂේප කරයි
නාගයකු ළඟ තබා ගත්තේ යැයි කියන නිරෝෂා විමලරත්න රාත්‍රී සමාජ ශාලා නළඟනට එරෙහිව ඉදිරිපත් කළ චෝදනා සම්බන්ධයෙන් මූලික විරෝධතා මතු කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා අද අවසර දුන්නේය. මෙම නළඟන වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියන්සි අර්ස කුලරත්න මහතා පැවැසුයේ නාගයකුට හිරිහැර කිරීම ඇතුළු චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි. පොලිසිය කියා සිටියේ නාගයකු ළඟ තබා ගැනීම සත්ව හිංසා පනත යටතේ වරදක් බවයි.

