නම නොකියා මර්වින්ට දෙහි කපයි
කැළණියේ කුකුළුමස් කඩ වහන්න හදන්නේ තමන් ළඟ සිටින අයට ඒ අවස්ථාව දෙන්නයි. මස් කෑම නතරකිරීමට පෙර ගණිකා නිවාස, මසාජ් ක්ලිනික්, ගංජා, කප්පම් හා දූෂණ නතර කරන්නැයි කැලණි ප‍්‍රාදේශීය සභාපති ප‍්‍රසන්න රනවීර මහතා කැලණිය ප‍්‍රාදේශීය සභා රැස්වීමේදී කීවේය.
සභාපති ඇතුළු මන්ත‍්‍රීවරුන් කිහිප දෙනෙක්ම මේ ගැන කතා කළත් එම යෝජනාව කළ ඇමැති මර්වින් සිල්වා මහතාගේ නම සඳහන් කළේ නැත.

