ගෙවල් බිඳ දේපළ සොරාගැනීම් 23ක් සම්බන්ධයෙන් වරෙන්තු 22ක් නිකුත් වී ඇති පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස පොලිසිය කියයි.
‘හබර සමන්ත‘ නමින් හදුන්වන සැකකරු මත්කුඩු ජාවාරමේ යෙදී සිටින බවට ලැබුණු තොරතුරක් අනුව අත්අඩංගුවට ගෙන සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී මේ අපරාධවල තොරතුරු අනාවරණය වී ඇත.
ඔහුගෙන් ලද තොරතුරු අනුව තවත් සැකකරුවන් තිදෙනකු සහ අත්බෝම්බයක් ද, රුපියල් ලක්ෂ දෙකහමාරක පමණ භාණ්ඩ ද අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරයි.
සැකකරු මොරගහහේන, හොරණ, ගණේමුල්ල, අතුරුගිරිය, පිළියන්දල සහ ගල්කිස්ස ප්‍රදේශවල මේ දිවා හා රාත්‍රී කාලයේ මේ අපරාධ සිදු කර ඇත.
කලකට ඉහත මෙවැනිම අපරාධයකට සිරගතව සිට ඉන් නිදහස් වී පැමිණි සැකකරු නැවත අපරාධ සිදුකර පොලිසිය මගහැර සිටි බවත් පොලිසිය කියයි.
ගල්කිස්ස කොට්ඨාස භාර පොලිස් අධිකාරී රවීන්ද්‍ර කරවිට මහතාගේ අධීක්ෂණයෙන් ගල්කිස්ස පොලිස් ස්ථානාධිපති ඩබ්ලිව් චන්ද්‍රතිලක මහතාගේ උපදෙස්පරිදි, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එරික් රෝහිත මහතාගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරීක්ෂක ප්‍රියන්ත, පොලිස් සැරයන් 24604 ජූඩ්, පොලිස් කොස්තාපල්වරුන් වන සුමනදාස සහ කාවින්ද යන නිලධාරීහු පරීක්ෂණ පවත්වූහ.