ව්‍යාපාරික මොහොමඩ් සියාම් ඝාතනය සම්බන්ධයෙන් සැක පිට රහස් පොලිස් මුලස්ථානයේ සිටියදී රහස් පොලීසියේ තිදෙනකුට තර්ජනය කළැයි කියන සිද්ධිය සමථයකට පත් කැර ගැනීමට හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා කැමැත්තෙන් සිටින බව නීතීඥ තුසිත ගුණවර්ධන මහතා කොළඹ මහාධිකරණ විනිසුරු දේවිකා තෙන්නකෝන් මහත්මිය හමුවේ කියා සිටියේය.
මේ සම්බන්ධයෙන් නීතීපති සමඟ සාකච්ඡා කැර ඇතැයි ද ඒ සඳහා නීතීපති කැමැත්ත අපේක්ෂාවෙන් සිටින්නේ යැයිද උසාවියේදී කියැවිණි.
නඩු මැයි 30 වැනිදාට කල් තැබු විනිසුරුවරිය එදිනට සමතය හෝ නඩුව විභාග කිරීමට නියමිත බව විනිසුරුවරිය කීවාය.

