නඩුව පාරේදී විසඳේ


මිනී මැරුම් නඩුවක දෙපාර්ශවයක් අතර හික්කඩුව කලූපේ දී වෙඩි තැබීමක් හා පිහි ඇණුමක් සිදුවිය. නඩුවේ සාක්කිකරුවෙක් වෙඩි තැබීමෙන් මරුමුවට පත්විය. ඔහුගේ පිහි පහරින් තුවාල ලැබූ සැකකරුගේ සහෝදරයෙක් රෝහල්ගත කරනු ලැබීය. වෙඩි කෑ සාක්කිකරු වෙඩි කාගෙන ගොස් තමන්ට වෙඩි තැබූ පුද්ගලයාට පිහියෙන් ඇන ඇතැයි පොලීසිය කියයි.