ජංගම දුරකතනයක් සොරකම් කළැයි කියන පුද්ගලයකු නඩු නැතිව මාස 20ක් රිමාන්ඩ් භාරයේ සිටියදී කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා විසින් මුදා හරිනු ලැබීය.
රුපියල් 2500ක් වටිනා ජංගම දුරකතනය සොරකම් කළැයි පොලිසිය පැවසුවත් දුරකතනය ද සොයාගෙන නැත.
චෝදනා ඉදිරිපත් කිරීමට ද නොහැකි වී ඇත.
සාක්කිද ඉදිරිපත් කර නැත.
මේ සිද්ධිය ගැන මවිතය පළකළ මහේස්ත්‍රාත්වරයා සැකකාර මොහොමඩ් ලතීර් මොහොමඩ් නියාස් මුදාහළේය.