නටනටා මරුවා සමග යයි


ශ්‍රී ලාංකිකයන් තිදෙනකුට හා ඉතාලි ජාතිකයන් හය දෙනකුට දකුණු කොරියාවේ බුසාන් නගරයේදී මරු කැඳවූ ගින්න හටගෙන ඇත්තේ එම පිරිස කැරොකේ සමාජ ශාලාවක මත්පැන් බොමින් නටමින් හා ගයමින් සිටියදී බව දකුණු කොරියා පොලිසිය කියයි. විෂ වායු ආඝ‍්‍රහණය කිරීමෙන් ඔවුන් මරුමුවට පත්වූහ. තෙවැනි මහලේ හටගත් ගින්නත් සමග එහි සිටි අයට හදිසි දොරටු සොයා ගැනීමේ අපහසුව නිසා ඔවුහු මේ ඉරණමට පත්වූහ. විසිපස් දෙනෙක් පමණ තුවාල ලැබූහ. ගිනි භටයෝ සිය දෙනෙක් ට‍්‍රක් 20කින් පැමිණ ගින්නට කොටුවී සිටි  35 දෙනෙක් බේරා ගනු ලැබූහ. ඒ වනවිට ඔවුන්ගෙන් ඇතැමෙක් වහළයට නැඟ සිටියහ. ගින්නට හේතුව නොදන්නා නමුත් විදුලි කාන්දුවක් ඊට මුල් වන්නට ඇතැයි කියති.