අවු. 15න් පහළ ක‍්‍රිකට් විද්‍යායතන සහ කී‍්‍රඩා සමාජ වලට සහභාගී විය හැකි ඕවර 10 කට සීමාවන දීප ව්‍යාප්ත ක‍්‍රිකට් තරගාවලියක් ජනවාරි මස 05 සහ 06 යන දෙදින අම්බලන්ගොඩ නගර සභා කී‍්‍රඩාපිටියේදී පැවැත්වීමට අම්බලන්ගොඩ නගර සභා ක‍්‍රිකට් විද්‍යායතනයේ දෙමාපිය සංගමය කටයුතු සංවිධානයකර ඇත.
අම්බලන්ගොඩ නගරාධිපති කුසලාන සීමිත ඕවර කි‍්‍රකට් තරගාවලිය ලෙසින් හැඳින්වෙන මෙම තරගාවලියේ ශුරතාවය දිනාගන්නා කණ්ඩායමට මුදලින් රු.25,000 ක් පිරිනැමේ. අනු ශුරතාවය දිනාගන්නා කණ්ඩායමට මුදලින් රු.15,000 ක් පිරිනැමෙන අතර තරගාවලියේ හොඳම පන්දු යවන්නා, හොඳම පිතිකරු සහ තරගාවලියේ වීරයා සඳහා වෙන වෙනම ද ත්‍යාග පිරිනැමීමට සංවිධාන කමිටුව සූදානමින් සිටී.

