නකල්ස් පැත්තේ ලස්සනම පාර ඇත්තේ


නකල්ස් කඳුවැටියට දකුනින් පිහිටි මහනුවර-මහියංගන දහඅට වංගුපාර රුපියල් කෝටි 500 කින් අලූත් වැඩියා කිරීමෙන් පසුව මහින්ද රාජපක්‍ෂ ජනපති අතින් අද විවෘත විය. දේශගුණය, කඳුපල්ලම්, වගාව හා වනසතුන්ගේ විවිධත්වය අතින් සුන්දර පෙදෙස්වලින් කිලෝමීටර් 41 ක් දුරැති මේ මාර්ගය නැමී එක්වූ නාගයකු සේ නිර්මාණය වී ඇත. මීටර් දෙකතුනකට වඩා පළල් නොවූ පාර දැන් මීටර් 15 ක් පළල්කර ඇත. පාලම් අටක්ද බෝක්කු 350 කට අධික ගණනක්ද මේ පාරේ ඇත. අලූතින් තානායම් කිහිපයක්ද ඉදිකර ඇත.