ක.ග. කරුණාරත්න
මින්නේරිය ජාතික වනෝද්‍යානයේ වනජීවී නිළධාරීන් අද (26) පස්වරුවේ මින්නේරිය වැවේ ධීවර කාර්මිකයකු අත්අඩංගුවට ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විරෝධය දක්වමින් ධීවරයින් 100 කට අධික පිරිසක් මින්නේරිය ජාතික වනෝද්‍යානයේ වනජීවි කාර්යාලයට කඩා වැදී වනජීවී නිළධාරීන් දෙදෙනෙකු ඇතුළු හතර දෙනෙකුට පහර දී දේපොළවලටද අලාභ හානි කර ඇතැයි වනජීවි නිළධාරීහු කියති.
මින්නේරිය ජලාශයේ ධීවර කර්මාන්තයේ යෙදෙන ඔවුහු වනජීවි කාර්යාලය වටලා උද්ඝෝෂණයේ නිරතව සිටින බවද එම නිළධාරීහු කීහ.
දැනට වනජීවි නිළධාරීන්ගේ අත්අඩංගුවේ පසුවන ධීවර කාර්මිකයා නිදහස් කරන ලෙසට සහ දැල් ආම්පන්න ආදිය ආපසු ලබාදෙන ලෙස උද්ඝෝෂණකරුවෝ බල කර සිටිති.
මේ ප්‍රශ්නය සමතයකට පත්කිරීම සඳහා හබරණ පොලීසියේ පොලිස් කණ්ඩායමක් කළේය.
ධීවරයෝ මින්නේරිය වනජීවී කාර්යාලය වටලති
Recommended Articles