ධීවර ජැටියක වහලය සුළඟට ගැලවෙයි


(ඔගස්ටින් ප‍්‍රනාන්දු)    

හලාවත අලුත්වත්ත  කලපු ඉවුරෙහි ඉදි කර තිබු ධීවර ජැටියක වහලයක් හදිසි සුළඟකට හසුව අද (25) අලුයම මුළුමණින්ම ගැලවී ගොස් ඒ ආසන්නයේ අතුරු මාර්ගයකට හා නිවසක් මතට වැටි හානි සිදුව ඇති බව හලාවත පොලිසිය කියයි.

එම ජැටිය විවෘත කර මාස හයක් ගතවී නැතැයි ද ධීවරයෝ කියති.කාර්මෙල් මාතා ධීවර සමිතියේ ඉල්ලිම මත ධීවර හා ජලජ සමිපත් සංවර්ධන අමාත්‍යාජශය විසින් රුපියල් ලක්ෂ 34 ක මුදලක් වැය කර කුඩා ප‍්‍රමාණයේ ධීවර ජැටි තුනක් ඉදි කරනු ලැබු අතර එම ජැටි පසුගිය දෙසැම්බර් මස30 වැනි දා ඇමති මහින්ද අමරවීර මහතා අතින් විවෘත කරණු ලැබීය.

ඒ අසල නිවසකටද සුළු හානි වි තිබු අතර දුරකතන කණුවක් හා විදුලි පහන් කණුවක් ද කැඩි වැටි තිබු නිසා ප‍්‍රදේශයේ විදුලිය හා  ගෘහස්ථ දුරකතන සම්බන්ධතා ද විසන්ධි වි තිබුණි.