සබරගමුවේ පැවැති අයහපත් කාලගුණය නිසා පැය හතර හමාරක ප්‍රමාදයකින් පසුව කපිලවස්තුපුර සර්වඥ ධාතු වහන්සේ අද පස්වරු 2.30ට අනුරාධපුර මහජන ක්‍රීඩංගනයට ගුවනින් වැඩම කරවනු ලැබූහ. ඒ වනවිටත් ධාතු වන්දනාව සඳහා පෙළ ගැසී සිටි පෝලිමේ දිග කිලෝ මීටර් තුනක් පමණ දික්විය. රුවන්වැලි චෛත්‍යාරාමධිපති පල්ලේගම හේමරත්න නාහිමියන් ඇතුළු මහා සංඝ රත්නය ද මැතිඇමැතිවරුන් ද මහජන ක්‍රිඩාංගනයේ සිට සම්බුද්ධ ජයන්ති විහාරය දක්වා ගමන් ගනිද්දී ධාතූන් වහන්සේ රැගත් පෙරහැරේ ගමන් ගනිද්දී ගුවනින් මල් ඉසිණි.