ධර්මරාජ විදුහලට 71 - 26 ක ජයක්
වයස 20 න් පහළ අන්තර් පාසල් රග්බි තරග මාලාව යටතේ නිත්තවෙල ක‍්‍රීඩා පිටියේදී පැවැති ‘ඒ’ කාණ්ඩයේ තරගයකදී ධර්මරාජ විදුහල් පිල විසින් මහනුවර සාන්ත සිල්වෙස්තර විදුහල් පිල ලකුණු 71 - 26කට පරාජය කරන ලදී.
ජයග‍්‍රාහී ධර්මරාජ විදුහල් පිල ගෝල දිනුම් අටක් සහ උත්සාහක දිනුම් තුනක් මගින් ලකුණු රැස් කළේය. සිල්වෙස්තර විදුහල් පිල ගෝල දිනුමක් උත්සාහක දිනුම් දෙකක් සහ දඬුවම් පහර තුනක් මගින් ලකුණු රැස් කළේය.
තරග විනිසුරු පි‍්‍රයන්ත ගුණරත්න මහතාගේ ප‍්‍රථම නලා හඬින් තරගය ආරම්භ වී මොහොතකින් ධර්මරාජ ක‍්‍රීඩකයන් උත්සාහක දිනුමක් වාර්තා කරමින් ප‍්‍රථමයෙන් ලකුණු පුවරුව ක‍්‍රියාත්මක කළද ඉන් විනාඩි 15ක් පමණ කාලයක් තුළදී තරගයේ පාලනය සියතට ගනිමින් උත්සාහක දිනුම් දෙකක් සහ දඬුවම් පහරක් සාර්ථක කරගනිමින් තරගය ඉදිරියෙන් පසුවීමට සිල්වෙස්තර ක‍්‍රීඩකයෝ සමත් වූහ.
තරගයේ 22 වැනි විනාඩියේදී ජයග‍්‍රාහී ගමන ආරම්භ කළ ධර්මරාජ ක‍්‍රීඩකයෝ ප‍්‍රථම අර්ධය නිමා කරන විට 24 - 19 ක් ලෙස පෙරමුණේ පසු වූහ.
තරගයේ විශේෂතම සිදුවීම වූයේ කන්ද උඩරටින් තවත් දක්‍ෂ ප‍්‍රවර්ථකයකු කරලියට පැමිණීමයි. ඔහු සාන්ත සිල්වෙස්්තර පිලේ ඉශාන් රාජපක්‍ෂයි. ඔහු අතිදක්‍ෂ අයුරින් තම කාර්යභාරය ඉටු කරමින් මීටර පනහේ දඬුවම්පහර දෙකක්ද සමගින් දඬුවම් පහර කිහිපයක් සාර්ථක ලෙස නිම කළේය.
ධර්මරාජ පිල වෙනුවෙන් තරගයේ අවසන් විනාඩි 15 තුළදී පිටිය දෙවනත් කළ ලහිරු ප‍්‍රනාන්දු පිට පිට උත්සාහක දිනුම් පහක් වාර්තා කිරීමට සමත් විය. ජයග‍්‍රාහී ධර්මරාජ විදුහල වෙනුවෙන් ලහිරු ප‍්‍රනාන්දු උත්සාහක දිනුම් පහක්ද, තිලින විජේසිංහ එක් උත්සාහක දිනුමක් සහ ප‍්‍රවර්ථන අටක්ද සී.එස්.ඒකනායක උත්සාහක දිනුම් දෙකක්ද, මලින්ද හේරත්, නායක මියුරු හේවාවසම් සහ ටී.කේ. වික‍්‍රමනායක එක් උත්සාහක දිනුම බැගින්ද වාර්තා කළහ. සිල්වෙස්තර පිල වෙනුවෙන් මොහොමඞ් හවැඞ් උත්සාහක දිනුම් දෙකක්ද, ආර්.එස්. බණ්ඩාර එක් උත්සාහක දිනුමක්ද, ඉශාන් රාජපක්‍ෂ එක් ප‍්‍රවර්ථනයක් සහ දඬුවම් පහර තුනක් සාර්ථක කරගත්හ.

