ධර්මරාජ විදුහල වෙස්ලි පරදවා ‘බී’ කොටසේ ශූරතාව දිනයි
මහනුවර ධර්මරාජ විදුහල වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ පළමු කොටසේ ‘බී’ කාණ්ඩයේ ශූරතාව අපරාජිතව දිනා ගැනීමට සමත් විය. ධර්මරාජ විදුහල් ක‍්‍රීඩකයෝ බෝගම්බර පිටියේදී අද (22) පැවැති තරගයෙන් ලකුණු 35 - 7 කින් වෙස්ලි විදුහල පරාජය කිරීමට සමත් වූහ.

