ධර්මරාජ 125 සමරන්න ත‍්‍රිපිටක පූජාවක්


මහනුවර ධර්මරාජ විදුහලට වසර 125 පිරීම සමරමින් එහි ආදි ශත සංවත්සර ශිෂ්‍ය සංගමය ජුනි 30 වැනිදාට ත‍්‍රිපිටක පූජාවක් සංවිධානය කරයි. ධර්මරාජ සිසුහු 57 දෙනකු රාජාභරණවලින් සැරැසී ඇතු පිටින් ත‍්‍රිපිටක ග‍්‍රන්ථ මහනුවර බූවැලිකඩ ශ්‍රී බෝධිරාජාරාමයට වැඩම කරවා මහා සංඝරත්නයට පූජා කිරීමට නියමිතය.