ධම්මික පැණිය පාර්ලිමේන්තුවටත්


(බන්ධුල ඉලේපෙරුම)
 
කොවිඩ් 19 වැළ‍දීමෙන් වළකින ඖෂධය සොයාගත් බව කියන කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා අද (10) පාර්ලිමේන්තුවට කැඳවාගෙන එනු ලැබිණි. ඒ ආණ්ඩු පක්ෂයේ සිසිර ජයකොඩි මන්ත්‍රීවරයා විසිනි.

ඒ අනුව ධම්මික බණ්ඩාර මහතා අදාළ පැණි බෝතල් රැසක් මන්ත්‍රීවරුන් සඳහා රැගෙන ආ අතර කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාද පැණිය පානය කළ බව පාර්ලිමේන්තු ආරංචි පවසයි.