ධම්මාලෝක හිමිට එරෙහි නඩුව ජූලි 18 විමසුමට


මිලින්ද මොරගොඩ ඇතුළු පස් දෙනකු උඩුවේ ධම්මාලෝක හිමිට එරෙහිව ගොනු කරන ලද පුද්ගලික නඩුකරයට මීට පෙර  වගඋත්තර පාර්ශවය විසින් ගෙන එන ලද මුලික විරෝධතාවය ප්‍රතික්ෂේප කරමින් එම නඩුව විමසීමට  කොළඹ අතිරේක මහේස්ත්‍රාත් දුලානි අමරසිංහ මහත්මිය අද(1) නියෝග කළාය.

පොල්හේන්ගොඩ ඇලන් මැතිනියාරාමයේ ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කරමින් මහජනතාවට පීඩා වන පරිදි කටයුතු කිරිම යන චෝදනාව උඩුවේ ධම්මාලෝක හිමියන්ට එරෙහිව එල්ලවී තිබේ. 

ඒ අනුව ජුලි 18 වැනිදා එම නඩුව විමසීමට  නියමිතය.