දෝහා ‘දියමන්ති ලීග්’ මලල කී‍්‍රඩා තරගාවලියේ තාක්‍ෂණික කටයුතු අධීක්‍ෂණයට වෛද්‍යතිලක යයි


මේ මස 11 වැනිදා කටාර් රාජ්‍යයේ දෝහා නුවරදී පැවැත්වෙන අන්තර්ජාතික මලල කී‍්‍රඩා සම්මේලනයේ දියමන්ති ලීග් මලල කී‍්‍රඩා තරගාවලියේ තාක්‍ෂණික කටයුතු අධීක්‍ෂණ සඳහා පී. එච්. ඞී. වෛද්‍යතිලක මහතාද සහභාගි වෙයි. මේ වන විට ඔලිම්පික් තරග, ආසියානු කී‍්‍රඩා, පොදුරාජ්‍ය මණ්ඩලීය කී‍්‍රඩා, ආසියානු මලල කී‍්‍රඩා ශූරතාවලි ඇතුළු අන්තර්ජාතික මලල කී‍්‍රඩා තරගාවලි ගණනාවකදීම සේවය කර ඇති වෛද්‍යතිලක මහතා ශී‍්‍ර ලංකාවේ සිටින, අන්තර්ජාතික මලල කී‍්‍රඩා සම්මේලනයේ අනුමැතිය ලත් තාක්‍ෂණික නිලධාරියෙකි. තරගාවලියේ සියලූම තාක්‍ෂණික කටයුතු ඔහුගේ අධීක්‍ෂණය යටතේ කෙරෙන අතර දෝහා ‘දියමන්ති ලීග්’ තරගාවලිය සඳහා වෛද්‍යතිලක මහතා සහභාගි වන දෙවැනි අවස්ථාව මෙයයි. දියමන්ති ලීග් තරගාවලියේ තක්‍ෂණික නිලධාරියකු වශයෙන් වෛද්‍යතිලක මහතා වසර 5 ක කාලයක් කටයුතු කර ඇත. ලොව වේගවත්ම මලල කී‍්‍රඩකයන් වන අසාෆා පවෙල්, නෙස්තා කාදර් සහ ජස්ටින් ගැට්ලින් මෙන්ම ලෝකයේ ඉදිරියෙන්ම සිටින මලල කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් වන වෝල්ටර් ඩික්සන්, ඇන්ජලෝ ටේලර්, ඇලිසන් ෆීලික්ස් සහ වෙරෝනිකා කැම්බල් මෙම දියමන්ති ලීග් තරගාවලියට සහභාගි වෙති.