දෝෂාභියෝග කමිටුව රැස්වේ


ශිරානි බණ්ඩාරනායක අගවිනිසුරුවරියට එරෙහිව දෝෂාභියෝගය විභාග කරන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව අද උදේ යළි රැස්වීමට නියමිතව සිටියේය. පාර්ලිමේන්තුව අවට පොලිස්, හමුදා හා එස් ටී එෆ් ආරක්ෂාව තර කැර ඇත. ජල ප්‍රහාරක බවුසර, බලෑණි සීරුවෙන් තබා ඇත.