දොස්තරට ගැසූවයි තිදෙනෙක් රිමාන්ඩ්
අනුරාධපුර රෝහලේ වෛද්‍ය චමල හේරත් මහතාට පහර දී බරපතල තුවාල සිදුකොට ඔහුගේ මෝටර් රියට අලාභහානි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සංධාන ආධාරකරුවෝ තිදෙනෙක් අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු රුවන්දිකා මාරපන මහත්මිය විසින් ලබන 11 වැදා තෙක් අද සවස රිමන්ඩ් කරනු ලැබූහ.
අනුරාධපුර නගරයේ පදිංචිකරුවන් වන බී.එම්. ප්‍රසන්න කුමාර බස්නායක, ආර්.ඒ. ටිරෝන් රණසිංහ සහ තාජුල් ලතිෆ් අමීර් හසර් එම තිදෙනාය.
බස්නායක, වෛද්‍ය රාජා ජෝන් පුල්ලේගේ නිවසට ගිනි තබා රුපියල් ලක්ෂ 500ක් පමණ වටිනා දේපොළ හානි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර මහාධිකරණයේ දැනට පවතින නඩුවක අධිචෝදනා ද ලැබ සිටී.
උතුර මැද පළාත් සභාවේ සභා ඡන්දය වෙනුවෙන් අනුරාධපුර දහයියා ගම සංගීත සන්ධ්‍යාවක් පැවැත්වෙන ස්ථානය අසල වෛද්‍යවරයාගේ මෝටර් රථය නතර කර තබීමේ සිද්ධියක් මත ඇති වූ බහින් බස් වීමක දී ඔහුට පහර දී වාහනයට අලභහානි කර ඇතැයි පොලිසිය අධිකරණයට දැන්වීය.
තවත් සැකකරුවන් අත්අඩංගවට ගැනීමට සිටින බව ද පොලිසිය අධිකරණයට දැන්වීය.මේ තිදෙනා හඳුනාගැනිමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන ලෙස ද නියෝග කැරිණි. සෙසු සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත් නියෝග කළාය.

