දොස්තරගෙ කමිසය අස්සේ සර්පයෙක්


රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ බදුල්ල ශාඛාවේ ලේකම් දොස්තර පාලිත රාජපක්ෂ බදුල්ල මහ රෝහලේ විවේකාගාරයේ සිටිය දී අද අලුයම 12.30ට පමණ සර්පයකු කමිසයට රිංගාගෙන ඇතැයි රෝහල් ආරංචි කියයි.

‘මම වහාම සර්පයා (ලේ මාපිලා) බිමට දැම්මා. සෙරප්පුවෙන් ගැහුවා. සතා මැරුණා.‘ යැයි වෛද්‍යවරයා කියයි.

රෝහලේ වර්ජනයක් පවත්නා අවස්ථාවන මෙවැනි දෙයක් සිදුවූ නිසා රෝහල් අධ්‍යක්ෂ දයා ධර්මප්‍රිය මහතාට ද පැමිණිලි කළ බව දොස්තර රාජපක්ෂ කියයි. පරිසරවේදීන් පවසන්නේ ලේ මාපිලා සුළු විෂ සර්පයකු බවයි. දෂ්ට කිරිමේ දී සුළු ඉදිමුමක් පමණක් ඇතිවන බවත් ප්‍රතිකාර ගැනීම අනවශ්‍ය බවත් ඔවුහු කියති.