දොස්තර හමුදා කඳවුරේදී අත්අඩංගුවට


මාන්කුලමේ කොකාවිල් යුද හමුදා කඳවුරට අනවසරයෙන් ඇතුළුවීමට ගිය බව කියන වෛද්‍යවරයකු අත්අඩංගුවට ගත් බව මාන්කුළම් පොලීසිය කියයි.

හමුදාවෙන් පොලීසියට බාර දුන් එම වෛද්‍යවරයා කිලිනොච්චි මහේස්ත්‍රාත් උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතය.