දොස්තර සංගමයට අතුරු තහනමක් නෑ


රජයේ වෛද්‍යවරයන්ගේ සංගමයේ නිලවරණය තහනම් කරන්නැයි වෛද්‍යවරුන් හත් දෙනෙකු කළ ඉල්ලීම කොළඹ දිසා විණිසුරු ධම්මික ගනේපොල මහතා විසින් ඉවත දැමිණි. ඡන්දය පැවැත්වුවහොත් හොර ඡන්ද දැමිය හැකි නිසා ඊට ඉඩ නොදෙන්නැයි දොස්තර ජයන්ත බලවර්ධන හා ජේ එස් සී ද සිල්වා ඇතුළු වෛද්‍යවරු හත් දෙනෙක් මේ පෙත්සම ඉදිරිපත් කළහ. අතුරු තහනමක් පැණවීමට තරම් කරුණු ඉදිරිපත් වී නැතැයි විනිසුරු ප්‍රකාශ ක‍ළේය. නිලවරණය අද පැවැත්වීමට නියමිතය.