දොස්තර සංගමය ලෙඩාගෙන් කෝටි දෙකක් වන්දි ඉල්ලයි


රජයේ වෛද්‍ය නිලධරයන්ගේ සංගමයේ මැයි 11 වැනි දා වර්ජනයට එරෙහිව වාරණයක් ගත් හදවත් ලෙඩාගෙන් රුපියල් කෝටි දෙක හමාරක් වන්දි ඉල්ලා නඩු පවරන බව සංගමයේ නීතිවේදීහු කොළඹ දිසා අධිකරණයේ දී අද කරුණු දැක්වූහ. කොළඹ දෙමටගොඩ වේළුවන පෙදෙසේ අජිත් සේනක නම් රෝගියා පසුගිය 10 වැනි දා රෝහලට ඇතුළු වී ඊට පසු දිනට නියමිත වර්ජනයට වාරණ නියෝගයක් ඉල්ලා වෛද්‍ය උපදෙස්වලට පටහැනිව එදිනම රෝහලෙන් පිටවී ගිය බව සංගමයේ නීතිඥවරු කීහ. වර්ජනය අවසන්වී ඇති නිසා නඩුව පවත්වාගෙන නොයන බව කියමින් සේනකගේ නීතිඥවරු පෙත්සම අස්කැර ගැනීමට ඉල්ලා සිටියහ. වර්ජනය කඩා කප්පල් කිරීම සඳහා වෙනත් අරමුණු ඇතිව ඔහු ක්‍රියාකර ඇතැයි ද ඔවුහු සඳහන් කළහ.  වාරණ නියෝග ඉවත් කළ අතිරේක දිසා විනිසුරු අමල් රණරාජා මහතා ප්‍රතිඋත්තර ගොනු කරන ලෙස රෝගියාට නියෝග කෙළේය.