දොස්තර වර්ජනේට වාරණයක්
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (11) දිවයින පුරා රජයේ රෝහල්හි ක‍්‍රියාත්මක කළ වැඩවර්ජනය අත්හිටුවමින් කොළඹ දිසා අධිකරණය ලබන 25 වැනිදා තෙක් බල පැවැත්වෙන වාරණ නියෝගයක් නිකුත් කළේය.
කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ලබන හෘද රෝගියකු වන ආර්.ඒ. අජිත් සේනක මහතා කොළඹ ප‍්‍රධාන දිසා විනිසුරු ධම්මික ගනේපොළ මහතා ඉදිරියේ ගොනු කළ පෙත්සමක් සැලැකිල්ලට ගනිමින් එම වාරණය නිකුත් කළේය.

