දොස්තර වර්ජනය අත්හිටුවයි
අනුරාධපුර රෝහලේ වෛද්‍ය චමල හේරත් මහතාට පහරදුන් බව කියන සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගැනීමත් සමග 250 වූ වෛද්‍යවරුන්ගේ වර්ජනය අත්හිටැවිණි. සෙසු සැකකරුවන් ද සඳුදා වන විට අත්අඩංගුවට නොගතහොත් උතුරු මැද පළාතේ සියලුම වෛද්‍යවරුන් එක්ව වර්ජනයක් ආරම්භ කරන බව වෛද්‍යවරු අනතුරු අඟවති. පහරදුන් පිරිස එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රබල අපෙක්ෂකයකුගේ ආධාරකරුවන් බව රෝහල් ආරංචි මාර්ග කියයි.

