දොස්තර මරණයේ සැක දුරුවේ


ස්නායු ශල්‍ය වෛද්‍ය ගීතාංජන මෙන්ඩිස්ගේ (58) මරණය සැක සහිත බව ඔහුගේ බිරිය විනෝදනී හා සහෝදර ලලන්ත කොළඹ කොටුව අතිරේක මහේස්ත‍්‍රාත්වරයාට මුලින් පවසා පසුව එසේ නොවන බව දිවුරුම් පෙත්සමක් මගින් කියා සිටියහ. සිරුර කොළඹ අධිකරණ වෛද්‍යවරයා ලවා කපා පිරික්සන ලෙස අතිරේක මහේස්ත‍්‍රාත් නිශාන්ත පීරිස් මහතා මුලින් කළ නියෝගය අවලංගු කැර සිරුර සමීප නෑයන්ට බාර දෙන ලෙස නියෝග කෙළේය. දොස්තර මෙන්ඩිස් සති තුනක් පමණ පෞද්ගලික රෝහලක ප‍්‍රතිකාර ලැබීය.