දොස්තර ගෙදරට බෝම්බයක්
කොළඹ ජාතික රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය ලලන්ත රණසිංහ මහතාගේ දෙහිවල කඩවත විෂ්ණු කෝවිල පාරේ නිවස අසලින් අත්බෝම්බයක් සොයාගත් බව දෙහිවල පොලිසිය කියයි. ඇණය ගැලැවූ බෝම්බය යුද හමුදාව විසින් පුහු කැර දැමිණි. ජාතික වෛද්‍ය සභාවේ විනය අංශයේ ද කටයුතු කරන වෛද්‍යවරයාගේ නිවසට බෝම්බය එල්ල කළ හේතුව සොයා ගැනීමට පොලිසිය පරීක්ෂණ පවත්වයි.

