දොස්තර අනිල් ජාසිංහ මහ ගෙදර එයි


කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ ලෙස වෛද්‍ය අනිල් ජාසිංහ අද උදේ 10.12ට වැඩ බාර ගත්තේය. ඔහු එහි හත්වැනි අධ්‍යක්ෂවරයාය. වැඩ බැලූ අධ්‍යක්ෂවරිය වන වෛද්‍ය සුජාතා සේනාරත්න විසින් නව අධ්‍යක්ෂ පිළිගනු ලැබීය. බෙල්ලන්විල රජමහා විහාරාධිපති මහාචාර්ය බෙල්ලන්විල විමලරතන, නාරාහේන්පිට අභයාරාමාධිපති රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමිවරු ඇතුළු මහා සංඝරත්නය සෙත්පිරිත් දේශනා කළහ. කොළඹ ආනන්ද විද්‍යාලයයේ ආදි සිසුවකු වන ජාසිංහ මහතා එහි දී රැස්ව සිටි පිරිස අමතමින් කියා සිටියේ ‘‘මම මහ ගෙදර ආවා වගේ හැඟීමක් තමයි මට දැන් ඇති වෙන්නේ. ආසියාවේ තියෙන විශාලම රෝහල ලෙසයි අපේ මෙම ජාතික රෝහල සැලකෙන්නේ‘‘. අට දාහකට ආසන්න පිරිසක් ජාතික රෝහලේ සේවය කරති.