දොම්පේ ප්‍රා සභාපති රිමාන්ඩ්


දොම්පේ සමාගමක ගොඩනැගිලි සැලැස්මක් අනුමත කැර දීම සඳහා රුපියල් ලක්ෂ හතරක අල්ලසක් ගත්තැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගැණුනු දොම්පේ ප්‍රාදේශීය සභාපති මිලාන් ජයතිලක සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රී අජිත් සිසිර කුමාර අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේදී රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබූහ. සැකකරුවන් අධිකරණයේ සිට බන්ධනාගාර බස් රථය දක්වා රැගෙන ඒම ඡායාරූ ගත කිරීමට ගිය ජනමාධ්‍ය ඡායාරූප ශිල්පීන්ට බන්ධනාගාර නිලධාරියෙක් ද, ප්‍රාදේශීය සභාවේ සභාපතිගේ ආධාර කරුවන් යැයි හඳුන්වාගත් හැඩි දැඩි සිරුරු සහිත පිරිසක් ද බාධා කළහ.