දේශීය කිරිපිටි මිලත් ඉහළ යන ලකුණු


 

(යොහාන් භාසුර)

ආනයනික කිරිපිටි මිල වැඩි කරන්නේ නම් දේශීය කිරිපිටි මිල වැඩි කළ යුතු යැයි දේශීය කිරිපිටි නිෂ්පාදන සමාගම් ඉල්ලා සිටින බව පාරිභෝගික ආරක්‍ෂණ අමාත්‍යංශයේ උසස් නිලධාරියකු පැවසීය.

දේශීය කිරිපිටි සමාගම් ද වර්තමාන තත්වය යටතේ දැඩි දුෂ්කරතා මධ්‍යයේ නිෂ්පාදනය පවත්වා ගෙන යන බවත් කිරි ගොවීන්ගේ වියදම් ද වැඩිවී ඇති බවත් දේශීය පිරිපිටි නිෂ්පාදන සමාගම් පවසන බවත් එම නිලධාරියා වැඩි දුරටත් කීය.