දේශපාලන හයියෙන් කිරින්දේ නිදන් හාරන්න ගිහින්
තිස්සමහාරාමයේ ඓතිහාසික කිරින්දේ පූජා භූමිය අසල නිදන්ගලවැල්ල පුරාවිද්‍යා රක්ෂිතයේ බැකෝවකින් නිදන් හාරමින් සිටි බව කියන මාගම ඩබ්ලිව්.ජී. රමිල් චමින්ද හා තිස්සමහාරාමයේ ඊ.ඒ. මංජුල පුෂ්පකුමාර තිස්සමහාරාම මහේස්ත‍්‍රාත් රන්ජීව රම්‍යකුමාර මහතා විසින් රිමාන්ඞ් කරනු ලැබූහ.
ඔවුන් දෙදෙනා දේශපාලන ප‍්‍රබලයකුගේ හිතවතුන් බව කියති. රහස් පොලිසියෙන් වැටැලීම කැරිණි.

